Wonders of the world

 

නුතන ලෝක පුදුම හත ( New 7 Wonders of the World )



හෙරඩෝටස් සහ කැලිමෙක්ස් විසින් නම් කරන ලද ඉපැරණි ලෝක පුදුම 7 ට අමතරව, 2007 දී "New 7 Wonders Foundation" නම් ස්විස්ටර්ලන්තය කේන්ද්‍රකර පිහිටා ඇති සංවිධානය විසින් නූතන ලෝක පුදුම 7 එලිදක්වන ලදි.

ලොවපුරා දැනට පවතින සුවිශේෂී සිහිවටන 200ක් මීට යොදා ගත් අතර අන්තර්ජාලය සහ දුරකථන මාර්ග ඔස්සේ වර්ෂ 2001 සිට 2007 දක්වා මත විමසීම සිදුකිරිනි. 

අන්තර්ජාලය ඔස්සේ එක් කෙනෙකුට  එක් ඡන්ද අවස්ථාවක් පමණක් ලැබුන අතර දුරකතන ඔස්සේ කෙනෙකුට කැමති ගණනක් ඡන්ද ප්‍රකාශ කිරීමට හැකියාව තිබුනි. මීට ලොවපුරා මිලියන 100ක පමණ ජන්ද ලැබී තිබුනි. ඒවා අතරින් 20ක් අවසාන වටයට තේරීපත් වූ අතර ජයග්‍රාහි සිහිවටන 7 , 2007/07/07 දින පෘතුගාලයේ ලිස්බන් නුවරදී එලිදක්වන ලදි. ඒවා පහත දක්වා ඇත.  


ඉපැරණි ලෝක පුදුම අතරින් අදටද ඉතිරිව තිබෙන එකම සිහිවටනය වූ ගීසා හි පිරමීඩ මෙම තරගය සඳහා යොදා නොගත් අතර එයට ගෞරව ස්තානයක් හිමි විය


නමස්ථානය,රටපින්තුරයවර්ෂය
1Taj Mahal
ටජ්මහල්
ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ අග්‍රා නගරය
ක්‍රි.ව 1632
2Machu Picchu
මාචු පීචු නගරය
ජේරු
ක්‍රි.ව 1438
3Great Wall of China
චීන මහා ප්‍රාකාරය
චීනය
ක්‍රි.පූ 700
4Petra
පෙට්‍රා නගරය
ජෝර්දානය
ක්‍රි.පූ 312
5Colosseum
කොලෝසියම
ඉතාලියේ රෝම නගරය
ක්‍රි.ව 70
6Chichen Itza
චිචෙන් ඉට්සා පූජනීය නගරය
මෙක්සිකෝව
ක්‍රි.ව 600
7Christ the Redeemer
ක්‍රිස්තූන් වහන්සේගේ ප්‍රතිමාව
බ්‍රසීලයේ රියෝද ජෙනයිරෝ නුවර
ක්‍රි.ව 1931
8Pyramids of Giza
ගීසා හි පිරමිඩ
ගීසා, ඊජීප්තුව
ක්‍රි.පූ 2589





Comments

Popular posts from this blog

WORD ASSIGNMENT