Presentation activity

 විද්‍යුත් සමර්පණ නිර්මාණයේ දී සැලකිමත් විය යුතු කරුණු …

 

ගුණාත්මක ඉ සමර්පණයක් අවශ්‍ය වනුයේ එම සමර්පණය නරඹන්නාට ලබා දෙන්නා වූ පණිවිඩය නියමිත ආකාරයෙන් ලබා දීමට අවශ්‍ය ලෙස සකසා ගැනීමටයි.


** අඩංගු විය යුතු වාක්‍ය පේළි ප්‍රමාණය

•බොහෝ දුරට එක් කදාවකට උචිත වන්නේ පේළි 6-9 අතර ප්‍රමාණය කි. ඊට වඩා ඇතුළත් කිරීමෙන් අකුරු කුඩා වීම හා කියවීමට වැඩි කාලයක් ගත වීම වැනි කරුණු කෙරෙහි අවධානය යොමු කල යුතුය .


**අකුරුවල විශාලත්වය…

•සාමාන්‍යයෙන් අකුරු ප්‍රමාණය පොයින්ට් 32 හෝ ඊට වඩා වැඩි විය යුතුය. එවිට නරඹන්නාට දෘශ්‍ය රාමුවේ ඇති තොරතුරු පැහැදිලි ව කියවිය හැකි වනු ඇත.


**අක්ෂර වින්‍යාසය හා භාෂා යෙදුම් නිවැරදි වීම

•සැකසූ ඉ සමර්පණ කිහිප වරක් ම හොදින් කියවා බලා අක්ෂර වින්‍යාසය හා භාෂා යෙදුම් නිවැරදි දැයි බැලීම .


**පින්තූර ,චිත්‍රක,වගු  හෝ ප්‍රස්තාර ඇතුළත් කිරීම…

•මේවා ඇතුළත් කරන්නේ නම් යෝග්‍ය වන්නේ එක් කදාවකට උපරිම ලෙස දෙකක් පමණි. වැඩි ප්‍රමාණයක් ඇතුළත් කිරීමෙන් ඒවායේ තිබෙන විස්තර අපැහැදිලි වීමට හැකිය .

**වර්ණ යෙදීම…

•වඩාත් ඉස්මතු කල යුතු දේ සදහා තද වර්ණ ,අකුරු බෝල්ඩ් කිරීම හෝ වෙනත් පොන්ට් යෙදීම සුදුසු ය.වර්ණ යෙදීමේදී අක්ෂරවලට හා පසුබිමට යොදනු ලබන වර්ණ ප්‍රභේදනය පිලිබද සැලකිලිමත් විය යුතු ය.


**චලන චිත්‍ර හා වීඩියෝ…

•චලන චිත්‍ර හා වීඩියෝ ඇතුළත් කරන්නේ නම් එක් කදාවකට එකක් පමණක් ඇතුළත් කිරීම සුදුසු ය.


**අරමුණු ඉලක්කගත කිරීම… 

•ඉ සමර්පණ බලාපොරොත්තු වන අදහස ඉක්මවා ගොස් වෙනතකට ප්‍රේක්ෂකයා යොමු නොවන ආකාරයට අන්තර් ගත කල යුතුය .


ඉ සමර්පණ මෘදුකාංග 

1> Apple keynote              ÷ Apple Inc.        [මුදල් ගෙවිය යුතුය]

2> Corel presentation       ÷ Corel corporation [මුදල් ගෙවිය යුතුය ]

3> Libreoffice Impress      ÷ Document foundation [නිදහස් මෘදුකාංග ]

4> Open office.org Impress÷ Apache corp. [නිදහස් මෘදුකාංග ]



Comments

Popular posts from this blog

WORD ASSIGNMENT

Wonders of the world