My mother ❤️
අම්මා👸
දස මස කුස දරා වැදු අම්මා නුඹ ය.
බඩගින්නේ හිද ,කර මත දරා
ඉදිරියට ගෙනගිය අම්මා නුඹ ය.
මේ දෙරණේ නොවෙනස්වන,
ආදරයක් ඇත්නම්
අම්මා ඒ නුඹ ය.
නුඹ මට මහමෙව්නාවකි
මේ මුලු විශ්වයේම......❤️
සැමදා ලැබුනි මට නුඹගෙන් ලොව ඇති ඉහළම ආදරය.......🌍
"අම්මා" කියන්නෙම සංසාරයක් ...
ජීවිත කාලය පුරාවටම කොතෙක් හමුවීම් තිබුණත්,
මට හමු වූ හොදම හමුවීම
මගේ අම්මා❤️
අප්‍රමාණ ආදරය,සෙනෙහස,දරා ගැනීම,කැපකිරීම කියන වචනවල ජීවමාන ස්වරූපය එක වචනයකින් කිව්වොත් ඒ අම්මා ය.🌹💗
ප්‍රේමය තිබුනෙම අම්මගේ ඇස්වල
පණ යනකම් බැනපු වචනවල
උණු උණුවේ කවපු බත්වල
රෙදි කදු ගණන් හෝදපු අත්වල
සැබෑ ප්‍රේමය තිබුනෙම අම්මා ලග....🌍❤️
රිදෙන පොඩි වෙන හිතට දැනුනා විටෙක සතුට ලග දැවටි දැවටි රැදුන සෙනෙහස අම්මාගේ අහසක් උසට නොඅඩුව ආවානම් ආදරය ගලාගෙන අම්මාගේ හදවතයි ආදර ගගේ මුල කරන්නට බැරි තරම ඇගේ ආදරේ මිල ලොවේ තියේවිද වෙන සෙනෙහසක් තව......👩👧🌍

Comments
Post a Comment