My father ❤️

            

               තාත්තා

         

              


අමාරුවෙන් හුස්ම ගද්දිත්

ඕකත් මහ ලෙඩක්ද අහද්දි..

පුංචි සුසුමක් ඇහෙද්දි

පුතේ අමාරුද අහන්න

බොහොම අමාරුවෙන් 

උය පිහා ගනිද්දිත්

අපෝ මේවත් කෑමද අහද්දිත්

පුතේ කන්නේ කොහොමද 

තුන් වේලටම අහන්න 

කොච්චර ලොකු කෙල්ලෙක්ද

ඕව හිතේ ලෙඩ කියද්දි 

පුංචි වෙනසටත් සැරින් සැරේ 

අමාරුද අහන්න

කාටද පුලුවන් එහෙම 

දැනෙන්න ආදරේ දෙන්න

අම්මා තාත්තා හැර වෙන කාටද

අපිව දැනෙන්නේ එහෙම ......❤️



ප්‍රතික්ෂේප කරමින්

තල්ලු කරද්දිත්

සිමින් සිනා සී

මුව කිති කැවූ

ආදරනීය 

රැවුල්කාරයා...💗🌍


මගේ කදුලු ඔහුගේ 

වේදනාව කරගත් ද,

මගේ සිනහව ඔහුගේ

සතුට කර ගත් ද,

මගේ ආරක්ෂාව ඔහුගේ

ජීවිතය කරගත්ද,

මගේ අනාගතය ඔහුගේ

සිහිනය කර ගත් ද,

මගේ ජීවිතයේ මට හමු වූ ව්‍යාජත්වයෙන් මිදුණු එකම අව්‍යාජ පිරිමියා,

                             තාත්තා ය....❤️



















Comments

Post a Comment

Popular posts from this blog

WORD ASSIGNMENT

Wonders of the world